Monday, February 7, 2011

කරුම කාලය





විභාගෙත් අත ලඟයි                 දැන් දැන්
කරයි මාගේ සිතත්                   හොල්මන්
ඇඳත් ඇරයුම් කරයි මට            දැන්
සැතපෙන්න නිදි දුව                  බදන්

පැවරුම්, ව්‍යපෘති ඇත             ගොඩගැසී
නැත එතරම් කල්                   ඉතිරිවී
ක්‍රිකට් මැච් එයි ලං                  ලංවී
නොබල ඉන්නට නොහැක      හැංගී

අවසන් වසර ඇත                 එලඹ
ෆේල් වෙන්නට නම්             නොහැක
පොඩි බැච් එක                    සමග
එන්න වේවිද බයයි දැන්        මට

No comments:

Post a Comment

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...