Monday, April 18, 2011

A/L කාලය


අනාගත සිහිනයක්
සිතේ දරාගෙන
දහසක් සිතුවිලි
හදේ පොදි බැඳගෙන
උසස්පෙලට
ටියුෂන් පන්ති ගිය
ඒ සොඳුරු කාලය
සිහිවෙයි තවමත්. . .


පන්තිය අවසානයේ
ගැසූ රස්තියාදුව
අතුරු මං මාවත්වල
මා මිතුරු කැල හා
කල කී දඟ කම්
කොලු කමට ඉඩදී
රහසේම කල කී
අපේ ඒ දඟකම්. . .


ජීවිතයේ සැහැල්ලුවට
තබා මඳකට බරක්
පලමුවර අළු මතින්
දෙවනවර නැගිටිමින්
දිරිවඩා අදිටනින්
එතෙරවුනි කඩඉමෙන්. . .

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...