ගෙවුනු දිවියේ
මතකයන් ඇත
දහස් ගනනින්
සිතේ ඇඳිලා
ඇවිද ඇත්තෙමි
බොහෝ මං වල
විඩාපත් වන
තුරු දෙපා...
ඔහේ ඇවිදන්
ගියපු මාවත්
කොහේ ඇත්දැයි
සිතමි අද මම
ඇවිද ගිය ඒ
බොහෝ තැන් වල
සොඳුරු මතකය
නැත මැකී තව...
අතීතයෙදී
කරපු කී දෑ
මතක ඇති තැන්
මතක නැති තැන්
කාලයේ වැලිතලාවෙන්
වසා දැමුවා වූ
අඳුරු තැන්
වලින් මිදෙමින්
සොඳුරු සටහන්
රැගෙන පියමං
කරමි නව මං...
සතුටුවෙමි
ReplyDeleteමම
නුඹේ
සටහන්
අතර
මගේ
සටහනුත්
ඇති
කියා...
සදා නොමැකෙන
ReplyDeleteසොඳුරු සටහන්
ගොන්න අතරින්
සොයා ගත හැක
ඔබේ සටහන් . . .