Thursday, June 30, 2011

දෙබිඩ්ඩෝ


සුදු වතින් සැරසී ඇවිත්
මුව පුරා අඳි සිනාවෙන්
දෑත් එක්කොට නමදිමින්
රවටාවි අප යලි යලිත් . . .


දුරක් ගොස් අප කර මතින්
ඉහල පුටුවල වැජඹෙමින්
පොදි ගසයි කෑදර කමින්
කරති වින උන් හැම අතින් . . .


කොමිස්, පර්මිට් ලොබකමින්
ගසාකන්නට කැසකමින්
කපති හොර ලී පටවමින්
මත් කුඩුත් ඇත පතිරෙමින් . . .


හොඳ මුහුණු උන් පෙන්වමින්
ටෙලිවිෂන් ඇත බදු අරන්
මල් වට්ටි අත ගෙනියමින්
දෙබිඩ්ඩො යති පැජරෝ වලින් . . .

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...