Tuesday, February 8, 2011

අතීතය



ගෙවුනු දිවියේ
මතකයන් ඇත
දහස් ගනනින්
සිතේ ඇඳිලා
ඇවිද ඇත්තෙමි
බොහෝ මං වල
විඩාපත් වන 
තුරු දෙපා...


ඔහේ ඇවිදන්
ගියපු මාවත්
කොහේ ඇත්දැයි
සිතමි අද මම
ඇවිද ගිය ඒ
බොහෝ තැන් වල
සොඳුරු මතකය
නැත මැකී තව...


අතීතයෙදී
කරපු කී දෑ
මතක ඇති තැන්
මතක නැති තැන්
කාලයේ වැලිතලාවෙන්
වසා දැමුවා වූ
අඳුරු තැන්
වලින් මිදෙමින්
සොඳුරු සටහන්
රැගෙන පියමං
කරමි නව මං...

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...