Sunday, June 5, 2011
සරසවි දේශපාලනය
සරසවිය අතකොලුව වී ඇත
දේශපාලන අඳබාලයන්ගේ
පොරක් වන්නට කැපීපෙනුමට
සිතන උන් ඇත වෙහෙසෙමින් . . .
යකා කලු හෝ සුදුද නොදැනත්
හඬ තලති උන් අඳ බවින්
දේශපාලන රූකඩය නටවති
පිටුපසින් සිට පක්ෂයෙන් . . .
හීනමානය අවිය කරගෙන
බෙදයි හොඳ හොඳ තෙල් ඉතින්
ඕන දේකට කෑගසයි දැන්
ඔලුව කුරුවල්වූ ලෙසින් . . .
ඕන දේකට කාලයක් ඇත
මෝඩකමටත් නිමාවක් ඇත
ගොට්ට අල්ලා වුවත් කම්නැත
ඉහල පුටුවක් අවැසි වී ඇත . .
ඉහල ගියපසු මතකයේ නැත
සරසවියෙ කල මෝඩකම් ගැන
පංති අරගල තේරුමක් නැත
මුදල් පසුපස හඹා යනු ඇත . . .
Subscribe to:
Posts (Atom)
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...

-
Where all the angels have gone when demons are taking over are they watching over until the heaven turns to hell . . . No foots...
-
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...