Sunday, March 27, 2011
අතරමං වූ රස්තියාදුකාරයා
දේශන ශාලාවේ
අන්තිම පුටුවකට බරවී
දහසක් සිතුවිලි අතරේ
අතරමං වී
ගොස් බොහෝ දුරක්
මනෝ ලෝකයේ
පැමිණියා ආයෙමත්
රස්තියාදුව නිමවී...
නීරසයි ජීවිතේ
ගෙවනා මේ දේශනයේ
සුදු පුවරුව පමණයි
අහගෙන ඉන්නේ
සංකීර්ණ සමීකරණ අතරේ
මං මුලාවුනු මොහොතේ
නිදිමත පමණයි
තනියට ඉන්නේ...
දුවනා මේ තරඟේ
දුවන්නන් වාලේ
එකිනෙකා පරයමින්
හරි හදිස්සියේ
නෑ ඉමක් කොනක්
නෑ අවසානයක්
අපි මේ දුවනා
සමාජ තරඟේ...
Subscribe to:
Posts (Atom)
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...
-
සරසවිය අතකොලුව වී ඇත දේශපාලන අඳබාලයන්ගේ පොරක් වන්නට කැපීපෙනුමට සිතන උන් ඇත වෙහෙසෙමින් . . . යකා කලු හෝ සුදුද නොදැනත් හඬ තලති උන් අඳ ...
-
Love is always strange Never know how fall in It’s a magical touch To heal the soul. . . It’s so hard To lose a magical touch If the touch...