Sunday, February 13, 2011

අහෝ...චේ...

ලොවක් බැබලූ රතු තරුව නුඹ
යකඩ පාදය දෙදරවාහල
පරාර්ථය දිනවූ හඬයි නුඹ
සොඳුරු මිනිසත් බව පතුරුවාහල...

අහෝ... ඛේදය, නුඹට වූ කල
නුඹේ රුව ඇත
අඩු ලංසුවට අද විකිනෙමින්
දේශපාලන හෙලුව වසනා
වස්ත්‍රයක් ලෙස
පට්ට ගසමින් යොදවමින්...

අඳිති පලඳිති නුඹේ රුව අද
නුඹ ගැන නොදත් අඳබාලයින්
පෝස්ටරයක බැනරයක
පමණක් දැක ඇති රුවක්
ඒ සොඳුරු රතු වීරයා අද
වෙලඳ බඩුවක් වූ සෙයක්
අහෝ... කස්ත්‍රෝ බලනු මැන අද
නුඹේ මිතුරට වුනු කලක්...

No comments:

Post a Comment

 Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...