Sunday, June 5, 2011
සරසවි දේශපාලනය
සරසවිය අතකොලුව වී ඇත
දේශපාලන අඳබාලයන්ගේ
පොරක් වන්නට කැපීපෙනුමට
සිතන උන් ඇත වෙහෙසෙමින් . . .
යකා කලු හෝ සුදුද නොදැනත්
හඬ තලති උන් අඳ බවින්
දේශපාලන රූකඩය නටවති
පිටුපසින් සිට පක්ෂයෙන් . . .
හීනමානය අවිය කරගෙන
බෙදයි හොඳ හොඳ තෙල් ඉතින්
ඕන දේකට කෑගසයි දැන්
ඔලුව කුරුවල්වූ ලෙසින් . . .
ඕන දේකට කාලයක් ඇත
මෝඩකමටත් නිමාවක් ඇත
ගොට්ට අල්ලා වුවත් කම්නැත
ඉහල පුටුවක් අවැසි වී ඇත . .
ඉහල ගියපසු මතකයේ නැත
සරසවියෙ කල මෝඩකම් ගැන
පංති අරගල තේරුමක් නැත
මුදල් පසුපස හඹා යනු ඇත . . .
Subscribe to:
Post Comments (Atom)
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...
-
Time is strange things can happen things can change when the time goes by . . . Love at a first sight ca...
-
Broken Trust Trust is like salt you wouldn't notice when it is present... But you feel bad when it is absent... Broken trust like a cru...

හම්ම්.......ලොක්කා මොකද එක පාරටම දේශපාලනේ ගැන මතක් උනේ....ඇත්ත තත්වය නම් ඕකයි....උබත් අවුට් උනාම උබ අයිති වෙන්නෙත් ඔය පන්ති අරගලය මතක නැති....මුදල් පසුපස හබායන ගොඩටම තමා....we all same...
ReplyDelete(මේ කුනුහර්ප වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් කරපන්....) :)
හ්ම්ම්.... ඔව් මචෝ... අපි කවුරුත් ඒ වගේ තමයි. හැමතැනටම දේශපාලනේ අත දාන නිසා ඔක්කොම අවුල් වෙනවා....උන් කරන්නෙ කබ්බො ෆෝම් කරල ඉස්සරහට දාන එක. අර කෙහෙල්මල අයින් කරන්න මම දන්නෙ නෑ බං...
ReplyDeleteහරි මචෝ..... එක අයින් කරා.... :-)
ReplyDelete